රාගම බටුවත්ත දුම්රියපොළ අසල දුම්රිය හරස් මාර්ගයේදී අද පස්වරුවේ සිදුවූ අනතුරෙන් මියගිය සිව්දෙනා එකම පවුලක සාමාජිකයින් බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ බටුවත්ත දුම්රියපොළ අසල දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ බටුවත්ත දුම්රියපොළ අසල දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
කැබ් රථයේ ගමන්ගත් එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා සහ දියණිය එම අනතුරින් මියගියා. ඉන් තුවාල ලැබූ මව සහ තවත් දියණියක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් මීගමුව, වෑහුලූපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. රාගම ප්‍රදේශයේ ඥාති නිවසක් බලා යමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වුණා.
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com