යාල් දේවි යාපනේ යන්න පටන් අරගෙන මේ වෙද්දී සති කීපයක් ගතවෙලා අවසානයි.. ඒත් දුකට කරුණ කියන්නේ දුම්රිය සේවයේ පුටු රත්කරන උදවිය බස් ලොක්කෝ පෝෂණය කරන්න වෙරදරන එකයි..
යාපනය දුම්රියන් ගල්කිස්සෙන් පටන් ගත්තම වැල්ලවත්ත යාපනය බස් ලොක්කන්ගේ බඩට වදින්න ගත්තා.. හොදටම රිදෙන්න.. දැන් ඒ කට්ටිය ලොකු වැඩකට සෙට් වෙලා.. ඒ තමයි කෝච්චි දෙක ආපහු කොළඹ කොටුවෙන් පටන් ගන්න.. ඒ වැඩේ ලේසි වෙන්න කරලා තියෙන්නේ දුම්රිය සේවයේ පගාවට වැඩකරන ඉහල නිලධාරීන් කීප දෙනෙක් තුරුම්පු විදියට අල්ලේ නටවන එකයි..
ඉන්ට්‍ර්සිටියට තවම ගල්කිස්සෙන් ටිකට් නිකුත් නොකරන්නේත් මේ හේතුව නිසාමයි.. මිනිසුන්ට එපා කරවන්නයි සූදානම..
කෝච්චිය පටන්ගන්නෙ ගල්කිස්සෙන්..
ඒත් ටිකට් ගන්න කොළඹට යන්න ඕන.
මොන කුණුහරුපයක්ද ඒක .. කෝච්චිය ගේන්න පුලුවන්නම් ගල්කිස්සට ඇයි ටිකට් දෙන වැඩේ එතනින් කරන්න බැරි..,
මේ වෙද්දී මොබිටේල් එකෙන් කම්පියුටර් පවා හරියකරල ඉවරයි. නමුත් ඒ වැඩේට නිලධාරියෙක් පත්කරන්න රේල්ලුව කැමති නෑ. මොකද වියදම් වැඩියි කියල...ඒකෙන් වෙන්නෙ ඉන්ටසිටි එකෙන් යාපනේ යන්න එන මිනිස්සු අධෛර්යමත් කරන එක. යාල් දේවියේ උනත් පළමු සහ දෙවන ආසන වෙන්කරගැනීමට කොළඹ කොටුවටම යා යුතුව තිබේ.
අච්චර අපූරුවට එකම අසුනක ගල්කිස්සේ ඉදන් යාපනේ යන්න තියෙන මිනිසුන්ගේ බඩට ගහලා වක්‍රව බස් මුදලාලිලාට අනුග්‍රහය සැපයීමක් කරන්නයි මේ හදන්නේ.. මේ වෙද්දී ආයෙම කොච්චි දෙක කොටුවට ගන්න සැලසුම් කරගෙනත් යනවලු..
අච්චර අපූරුවට එකම අසුනක ගල්කිස්සේ ඉදන් යාපනේ යන්න තියෙන මිනිසුන්ගේ බඩට ගහලා වක්‍රව බස් මුදලාලිලාට අනුග්‍රහය සැපයීමක් කරන්නයි මේ හදන්නේ.. මේ වෙද්දී ආයෙම කොච්චි දෙක කොටුවට ගන්න සැලසුම් කරගෙනත් යනවලු..
මෙහෙම ගියොත් අපි ආදරේ කරන රේල්ලුවට මොන අනාගතයක් උදාවෙවිද මන්දා.. ඔන්න ලොකු නිලධාරීන්ගේ මොලේ තරම.. මෙහෙම ගියොත් අනාගතය කෙසේ වේවිද,,? මේ විස්තරේ හැකි තරම් ෂෙයාර් කරගෙන යන්න.. මාධ්‍ය රැසකට විස්තරය මේ වනවිට යොමු කරමින් පවතී.. ලෝකයටම රජ මගුල් පෙන්වා නැටු නැටුමේ ප්‍රතිපලය පුස්සක්ද.>? සිතන්නට වාරයයි.. පවසන්න අදහස..
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com