මොතොතක් සිතන්නට... මෙම චායාරූපය දෙසින් හොදින් බලන්න. මේ පොල්ගහවෙල සාහ යාන්ගල්මෝදර අතර ඇති අතුරු මාර්ගයකි.
පැරණි කොළඹ පාර යනු මෙම මාර්ගයයි.. ආරක්‍ෂිත ගේට්ටු නොමැති මෙම ස්ථානයේ පසු ගිය දිනෙක සිදුවූ මෙම සිදුවීම හොදින් බලන්න. අදහස් දක්වන්න. අනෙක් යට දකින්නට ෂෙයාර් කරගෙනම යන්න..
මේ ඔහුගේ පැවසීම..
" මේ ඡායාරූපය ගත්තේ (ඔක්තෝබර් 17) පොල්ගහවෙල ආසන්නයේ. කොළඹ-කුරුණෑගල මාර්ගයෙන් හැරී පොල්ගහවෙල දුම්රිය ස්ථානයට යා හැකි මාර්ගය, කොළඹ-බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා යන ස්ථානය යි මේ. මා ගමන් කළ සංචාරක බස් රථය මේ ස්ථානය පසු කරද්දී බසයේ දිග වැඩි කම නිසාත්, දුම්රිය මාර්ගය තරමක් උස් ව පිහිටි නිසාත් එහි චැසිය බිම ඇතිල්ලී මාර්ගයේ හිර වුණා. ගම් වැසියන් 25 දෙනෙකුගේ පමණ උදව්වෙන් බසය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනීමට උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ. මිනිත්තු කිහිපයකට පසු කොළඹ දිශාවේ සිට මෙම AIA දුම්රිය අප සිටි ස්ථානයට ළඟා වෙමින් තිබුණා. ගම් වැසියන් කිහිප දෙනෙකු රතු පැහැති රෙදි කඩක් වනමින් දුම්රිය ඉදිරියට ගොස් එය නවත්වා ගත්තා. පසුව බැක්හෝ යන්ත්‍රයක් ගෙනැවිත් බසය දුම්රිය මාර්ගයෙන් ඉවතට ඇද ගත්තා..."
වාසනාවකට ලගා වුයේ මන්දගාමී දුම්රියකි.. අනෙක් දෙසින් ඇත්තේ වන්ගුවකි.. ඒ දෙසින් සීග්‍රගාමී දුම්රියක් ලගා වූවානම්... වාසනාවට එසේ සිදු වුයේ නැත.. නමුත්.. මෙය දුම්රිය සේවයේ වැරද්දක් නොවේද...?
දුම්රිය සේවය ගැන මෙලෙස ඉදිරිපත් කරනවිට සමහරුන්ට පෙනෙන්නේ අප වැරදි බවයි. කෙසේ හෝ විශාල අනතුරක් වාසනාවකට වැළකී තිබේ.. යලි යාන්ගල්මෝදර අනතුරකට පෙර නිසි පියවරක් නොගන්නේ මන්ද..? පවසන්න ඔබේ අදහස..
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com