දුම්රිය කිව්වම ගොඩක් දෙනෙක් දන්නෙ දුම්රිය දෙපාර්තමේන්තුව ගැන විතරයි. කොහොම නමුත් දුම්රියට අයිති නැති දුම්රියත් ලංකාවෙ තියනව. කොළඹ වරායට අයත් දුම්රිය ඉන් එකක්. බොහෝ දෙනෙක් නොදන්නවා උනාට කොළඹ වරායේ දුම්රියටත් වසර සියයකටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියනව. නමුත් එය ක්‍රියාත්මක වන්නේ කොළඹ වරාය ඇතුලත විතරක් හින්ද ගොඩක් දෙනෙකුට ඇස ගැටෙන්නෙ නෑ. කොළඹ වරාය තුල සැතපුම් 12කට ආසන්න දුම්රිය මාර්ගපද්ධතියක් සහ දුම්රිය එන්ජින් 19ක එන්ජින් ඇණියක්, බඩු ප්‍රවාහනය කරන වැගන් ආදියත් අතීතයේ දී ඊට අයත්ව තිබුනත් කාලයත් සමග අද එහි ඉතිරිවී ඇත්තේ ක්‍රියාකාරී තත්වයේ පවතින දුම්රිය එන්ජින් 03ක් පමණයි. කොළඹ වරාය දුම්රිය මාර්ගය අද පාලයන කරන්නේ වරාය අධිකාරිය මගින්.
ල.දු.දෙ දුම්රිය එන්ජින් වලට සහ කාර්ය මණ්ඩලයට ඊට ඇතුල්වීමට පෙර වරාය අධීකාරියේ අවසරය අවශ්‍යයි. ඒ අවසරය ලැබෙන්නෙත් එක්තරා සීමාවකට පමණයි. වරායට පැමිණෙන නැව් මගින් භාණ්ඩ ගොඩබාන ජැටිවලට පිවිසීමට ල දු දෙ දුම්රිය එන්ජින් වලට සාමාන්‍යනේ අවසර ලැබෙන්නෙ නැහැ. දුම්රිය මාර්ගය මගින් ප්‍රවාහනය කළ යුතු දේ ජැටිවල සිට ල දු දෙ එන්ජින් වලට ඇතුලත් වීමේ අවසරය ඇති අවසන් සීමාව වන කොච්චිකඩේ දුම්රිය බඩු දුම්රිය හුවමාරු අංගනය තෙක් ගෙනැවිත් දීම සිදුකරන්නේ වරාය අධිකාරියට අයත් දුම්රිය මගින්. එතැන් සිට ඒවා ල දු දෙ අයත් දුම්රිය එන්ජින් මගින් රැගෙන එනු ලබනවා.
පින්තූරෙ තියෙන්න වරායේ කොච්චිකඩේ බඩු දුම්රිය හුවමාරු අංගනයේ ඇති වරාය අධිකාරියට අයත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Andrew Barclay වර්ගයේ ෂන්ටර් එන්ජිමක්. පහල ඡායාරූපයේ තියෙන්නෙ 2011 වර්ෂයේ S11 වර්ගයේ දුම්රිය කට්ටල ලංකාවට ගෙනා මොහොතේ වරායට අයතු එන්ජිමක් මගින් බණ්ඩාරනායක ජැටියේ සිට එම දුම්රිය කට්ටලය ඇදගෙන එන ආකාරයයි.
Train Simulator Srilanka (TSS)
Voice Of Train GiantsOfficial
Web Site : http://www.trainsrilanka.com/
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com/
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com