News
Loading...

අයර්ලන්තයෙන් පැමිණි විජය කුමාරයා සහ වේල්සයෙන් පැමිණි කැතරින්


අප දන්නා විජය කුමාරයා ආවේ අසල්වැසි රට වන ඉන්දියාවෙනි. එහෙත් අයර්ලන්තයෙන් පැමිණි විජය කුමාරයෙක් ද අපේ රටේ සිටී. කෝච්චි එන්ජිමක පින්තූරයක් දමා
මේ යකා මේ කියවන්නේ මොනවාදැයි හිතෙනු ඇත..
මේකත් අපූරු එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා ඉස්ටෝරියකි. රජය සතුව තිබූ පුත්තලම සිමෙන්ති කම්හල පුද්ගලික අංශයට පැවරෙන්නේ 90 දශකයේ මැද හරියේදී ය.
සිමෙන්ති හදන ඒ කර්මාන්තශාලාව පිහිටියේ පුත්තලමේ වූවත් සිමෙන්ති සෑදීමට අව්‍යශ ප්‍රධානතම අමුද්‍රව්‍ය වන හුණුගල් රැගෙන එන්නේ සැතපුම් 30ක් පමණ එහායින් විල්පත්තු මායිමේ තිබෙන අරුවක්කාලු ප්රදේශයෙනි. සිමෙන්ති නිපදවන්නට අවශ්‍ය හුණුගල් ප්‍රවහානය කරන්නේ දුම්රියෙන් පමණකි. හුණුගල් ප්‍රවාහනය සදහාම සිමෙන්ති සංස්ථාව මගින් මිලට ගත් දුම්රිය එන්ජින් කිහිපයක් ද ඒ වන විට පුත්තලම සිමෙන්ති කම්හලේ තිබුණි. කර්මාන්තශාලාව රජය සතුවූ කාලයේ දුම්රියෙන් කෙරෙන මේ ප්‍රවාහන කටයුත්ත සිදුකෙරුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙනි. නමුත් සිමෙන්ති කර්මාන්තශාලාව මිලදීගත් පුද්ගලික සමාගම දුම්රියෙන් හුණුගල් ප්‍රවාහනය කිරීමේ කටයුත්තද එක්තරා මට්ටමකට ඔවුන්ගේ පාලනය යටතට ගත්හ. හුණුගල් ප්‍රවාහනයට අවශ්‍ය දුම්රිය එන්ජින් කිහිපයක්ද පසුකාලීනව ඔවුන් විසින් ගෙන්වන ලදහ.
හොල්සිම් සමාගම එංගන්තයේ Beaver Power නමැති සමාගමකින් සිමෙන්ති සමාගම දුම්රිය එන්ජින් 04ක් මිලට ගත්තේ 2006 වසරේ දීය. Beaver Power සමාගම දුම්රිය එන්ජින් නිෂ්පාදන සමාගමක් නොවූ අතර පැරණි දුම්රිය එන්ජින් මිලට ගෙන ප්‍රකෘතිමත් කිරීම (refurbished) තුල ව්‍යාපාරික අවස්ථා සොයමින් සිටි සමාගමකි. එම සමාගමේ මුල්ම අත්හදාබැලීමද මෙය වූ අතර එංගලන්තයේ වේල්සයේ පිහිටි බ්රිටිෂ් ස්ටීල් කෝපරේෂන් (British Steel Corporation) සමාගම විසින් පට්ටගසා විසිකරන ලද ෂන්ටර් එන්ජින් දෙකක්ද, උතුරු අයර්ලන්තයේ දුම්රිය සේවය (NIR) විසින් ඉවත්කරන ලද දුම්රිය එන්ජින් දෙකක්ද අඩුමිලට ගෙන නැවත ප්‍රකෘතිමත් කර පුත්තලම සිමෙන්ති කම්හල වෙත සපයන ලදී. සුදුපැහැයෙන් වූ මේ දුම්රිය එන්ජින් හතර Prince Vijaya, Shakthi, Les Weeb, Catherin ලෙස නම්කර තිබුණි. Prince Vijaya, Shakthi ලෙස නම් කර ඇත්තේ උතුරු අයර්ලන්ත දුම්රිය සේවයෙන් ඉවත්කල ෂන්ටර් දෙක වන අතර Les Weeb, Catherin ලෙස නම්කර ඇත්තේ වේල්සයේ British Steel Corporation සමාගම සතුවූ ෂන්ටර් දෙකයි. මේ ෂන්ටර් එන්ජින් ගෙන්වූ දා පටන් ලෙඩ දෙන්නට වූ අතර සුදු අලිපැටවුන් සිහිගන්වන මේවා අතරින් Catherin සහ Shakthi ෂන්ටර් එන්ජින් දෙක පමණක් දැනට ක්‍රියාකාරී තත්වයේ ඇත. (ප්‍රින්ස් විජය ඡායාරූපය අකිල ආරියපෙරුම විසින් ගන්නා ලද්දකි) - නලීන් අබේසිංහ


Train Simulator Srilanka (TSS)
Voice Of Train GiantsOfficial 
Web Site : http://www.trainsrilanka.com/
The Largest Online Railway Community in Srilanka

lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
═════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com/
═════════════════════════════════════════════
 - See more at: http://www.trainsrilanka.com/2014/08/blog-post_71.html#.U-GqyxGpePk
Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com