News
Loading...

නොමිනිසුන් අතර මිනිසුන් සොයන අපේ ගමනේ තවත් කොටසක්


එක විනාඩියක් වැයකර කියවන්න.. ඔහුව අගයකරන්න.. ෂෙයාර් කරන්න..


නොමිනිසුන් අතර මිනිසුන් සොයන අපේ ගමනේ තවත් කොටසක් මෙසේ කියන්නම්.. ඔබටත් ඔවුන්ගේ ක්‍රියාව දැනගන්නට..


වෙනදා වගේම කතාවක් හොයන අරමුණෙන් උදේම පොල්ගහවෙලට ගියේ කාත් සමග කතාවට වැටෙන්නදැයි සිතාගැනීමට නොහැකිවය.. 

"අනුරාධපුර වවුනියා කිලිනොච්චි සහ පලෙයි බලා ගමන් ගන්න යාල් දේවි දුම්රිය අද දින විනාඩි 20ක් පමණ ප්‍රමාධ වී ධාවනය වනවා ඇත.. " 

ඉදිරියේම ඇති අසුනක ඉඩගත්තෙමි.. බර වැඩ කරන කීප දෙනෙකුම නෙත ගැටුණි.. ඔවුනට බාධා කිරීමට නොසිතුනි.. කල්පානාවෙන් ඉදගෙන සිටියේ කිසිවක් සිතාගැනීමට නොහැකිවය..

විනාඩි 20ක් ගියා... යාල් දේවි හෙමින් 5 වෙනි වේදිකාවට ආවා.. පොටෝ එකක්වත් ගන්න ඉස්සරහට ගියා.. කවදාවත් නැතුව හෙඩ් ලයිට් එක පත්තු උනා.. මම එසැනින් නැවතත් උඩට නැග්ගෙමි.. කවදාවත් යාල් දේවි දෙස නොබලන මම රියදුරු කුටියේ දෙස එබී බැලුවේ විමතියෙනි.(ලංකාවේ අංක එකේ කොච්චියක් නිසා මේකේ යන්නේ කන්නාඩි දාගෙන පඩුපුල් ආසනේ ඉදගත්තා වගේ සිතන අයයි.. එබැවින් මම එය නොබලමි.) . සුපුරුදු මුහුණකි.. ලගට ගොස් කතාවට වැටුනේ අද කතාව මෙය වෙවියයි නොසිතාමය.. කාලෙකින් නේද.. දැන් යාලෙද වැඩ.. කතාව ඇරබුනේ එලෙසයි..
(අවසරයක් අතැතිව අපි මේ සියල්ලම කරන්නෙමු.. එනිසා රියදුරු කුටියට ගොඩ වීමු..)

දුම්රිය ගමන ඇරඹුණි..

අදත් පරක්කුයි නේද..?

"ඔව් අප්පා.. එක එක ලෙඩ දන්නේ නැත්ද.. M4 M8 එක්ක ඉස්සර දිව්වා.. ඒවා හැමදාම ලෙඩ.. අලුතෙන් M10 අවා.. මෙකට එකක් ඈදුවා.. ඉස්සරට වඩා හොදයි,.. එත් හිටපු ගමන් නවතිනවා.. ඒකමත නෙවෙයි.. අංක එකේ කෝච්චියක් උනාට කවදද වෙලාවට යන්න දුන්නේ.. මිනිස්සු අපිට බනිනවා., ගහනවා.. අපි මොකක් කරන්නද.. යනවනම් යන්න පුළුවන්.. යන්න දෙන්නේ නෑ.. අපිත් ඉන්නේ මේකෙන් බහින්න බලාගෙන... මේක රත් වෙනකොට ඇතුලට රස්සේ එන්න නෙවේ මේවා හදලා තියෙන්නේ.. එත් ඇගට අමාරුයි.."

ඔහුගේ කතාව මා හට තේරුම් ගැනීමට අපහසු වුයේ නැත.. 
අලුත් එන්ජිම අවුලක් නැත්ද..? එලවන්න ගියහම..

"ඉස්සරනම් පොඩ්ඩක් අවුලක් උනා.. එත් ඉතින් ඕවා සාමාන්‍ය දේවල්.. හැඩගැහෙන්න ඕනිනේ.. බලාගෙන ඉන්නකෝ... ඉගෙන ගන්න අමාරු නෑ.."

මමත් ආසාවෙන් බලාගෙන සිටියේ අමුතු අත්දැකීමක් බැවිනි.. අපි බයික් එලවනවා වගේ.. ආසාවෙන් බලාගෙන හිටියේ.. සිතින් ඔහුට පින් දෙන ගමන්ය.. 

"එනවා යනවා තමයි.. හැමදාම.. ළමයෙක් එක්ක ඉන්න වෙලාවක් නෑ.. වෙලාවකට මහා රෑ.. ඒක උනත් කමක් නෑ.. මිනිස්සු පනිනවා.. හරක් පනිනවා.. දෙගොල්ලොම වෙනසක් නෑ.. මේ යකඩ ගොඩට පනිනවනේ.. "

ඊයෙත් කෙල්ලක් පැනලා තිබුනා නේද.? 

"අප්පේ ඒවගේ අඩුවක් නෑ... " අතින් පයින් ක්‍රියාකරවන අපූරුව.. ෂා.. පොතුහැරට ආවා.. නොදැනීම.. පොල්ගහවෙලට පස්සේ නවත්වන්නේ කුරුණෑගලනේ.. ඒ නිසා හිතට සැනසීමක් දැනුනා..

"මම මේ සේවේ දැන් අවුරුදු 25කට වැඩියි.. ඒ උනාට හිතේ සතුට තිබුනේ මේ යකඩ ගොඩ නිසා.. ගෙදර යනකොට ළමයි නිදි.., නැත්නම් පන්ති ගිහින්.. උන් ගෙදර එනකොට මම ගෙදර නෑ.. අකුරක් උගන්වන්න වෙලාවක් නෑ.. මේ නැහෙන්නේ අපේම මිනිස්සු වෙනුවෙන්.. කාලගුණ දන්නවනම්.. සමහරු අපි දිහා බලන්නේ යකෙක් දිහා බලනවා වගේ.... දුකයි ඉතින්.."

පාරක ළමයෙක් ඉද්දි ආසාවෙන් බලනවා.. ඔහුගේ ඇස් දෙකෙන් ගොඩක් දේවල් තේරුම් ගත්තා..ඒ මිනිස්සු විදින දුක.. ඔයාලට දැනෙන්න කියනවා මිසක් මට ඕවා වෙන පෙන්නන්න විදියක් නෑ.. අපි ඉස්සරහට වීඩියෝ හදලා ඉදිරිපත් කරන්නම්.. ඔවුන් සැවොම මගෙන් ඉල්ලන්නේ ඔයාලට මේ දේ කියල දෙන්න කියන දේ පමණයි.. 

යාල් දේවි.. කොටුවෙන් පටන් ගන්න ලංකාවේ ප්‍රසිද්ධම දුම්රිය.. ඒ උනාට මනුස්සකමින් සපිරුණු මිනිස්සු.. කුරුණෑගලටත් ආවා.. ස්තුති කරලා නික්මුනේ අද කතාවට පසුබිම සකසා ගනිමිනි.. M10 නවත්වනකොට ආසාවේ බෑ.. ඩිස් බ්රේක් තියෙන බයික් එකක් නවත්වනවා වගේ.. පුදුමයි.. ඒ උනාට අවශ්‍යතාවයක් සපුරා ගණන්වත් විදියක් නෑ.. හිර කුඩුවක ඉන්නවා වගේ..

ඔවුන්ගේ කැපකිරීම ඔබටත් දැනුනානම්.. ෂෙයාර් කර හ අමොටම කියන්න.. රාජ ආසනේට ගියා වගේ සමහරු ඉන්න දුම්රිය සේවයේ මොවුන් ආදර්ශයක්.. ෂෙයාර් කරන්න.. ඉන්න දිගටම.. තව මේ වගේ මිනිසුන් ගැන කියන්නම්..

Train Simulator Srilanka (TSS)
Voice OTrain Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com