News
Loading...

ගෙයක් ඇතුළේ ඩිස්නිලන්තයේ වගේ් දුම්රිය අංගණයක් තබාගෙන සිටින රන්ජන් කන්නන්ගර..



ගෙයක් ඇතුළේ ඩිස්නිලන්තයේ වගේ් දුම්රිය අංගණයක් තබාගෙන සිටින රන්ජන් කන්නන්ගර

කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ ගුරුවරයෙක් තම නිවසේ දුම්රිය මැදිරි සහ එන්ජින් කිහිපයක් තබාගෙන සිටිනා පුවත මට සැලකර සිටියේ “දුම්රිය ගවේෂක කවයේ” ප්‍රකාශන අධිකාරී ලහිරු වීරසිංහ විසිනි. ඒ අදින් මාස ගණනාවකට පෙරදීය.

මෙම ගුරුවරයා තමා සතු දුම්රිය එන්ජින් රාත්‍රි කාලයේ පණ ගන්වන බවත්, ඉන් නැගෙන ශබ්ද අනුව කැනඩාවේ නිෂ්පාදිත ර්4 සහ ජර්මනියේ නිෂ්පාදිත ර් 6 වර්ගයේ එන්ජින් ඔහු සතුව තිබිය යුතු යැයි තමා සිතන බවත් ලහිරු වීරසිංහ වැඩිදුරටත් පවසා සිටියේය. පෞද්ගලික වත් ‍පොහොසත්කම් අනුව මෝටර් රථ, ලොරි, බස් රථ වැනි වාහන තබා ගන්නවා මෙන්ම කුඩා ගුවන් යානා සහ හෙලිකොප්ටර්වලට හිමිකම් කියනා පුද්ගලයන් පිළිබඳ තොරතුරු අප අසා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් හෝ මැදිරිවලට හිමිකම් කියනා පුද්ගලයන් සිටින බව කිසි දිනක අසා නැති මට මේ අපූරු ගුරුවරයා සොයා යෑමට එක්වරම සිත් විය.

ධාරාණිපාත වර්ෂාව නිසා ඇතිවුණ ගංවතුරෙන් කළුතර දිස්ත්‍රික්කයේ බහුතරයක් දෙනා නිවාස අඩස්සියේ පසු වූ පසුගිය දෙවැනි දින දුම්රිය එන්ජින් සහ මැදිරිවලට හිමිකම් කියනා ගුරුවරයා සොයා ඉංගිරියේ සිට දොඩංගොඩ බලා දුෂ්කර ගමන අරඹන්නට මට සිදුවිය. කඩුවෙල මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුමට මීටර් කිහිපයකට නොදුරින් පිහිටි දුම්රිය හිමිකරුගේ නිවසට මා පිවිසෙන විට වේලාව දහවල් 2කට පමණ විය.

රන්ජන් කන්නන්ගර නම් වූ මේ අපූරු පුද්ගලයා වෘත්තියෙන් නිර්මාණකරණය සහ තාක්ෂණය
විෂය උගන්වන ගුරුවරයෙකි. කළුතර දොඩංගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ සේවය කරන රන්ජන් තමා සතු දුම්රිය අංගණය වෙත මා කැඳවාගෙන යන්නට එකඟ විය. දැවැන්ත සාලය සහ කෑම කාමරය පසුකරමින් මුළුතැන්ගෙය හරහා කුඩා දොරක් වෙත පැමිණි ඔහු එය විවෘත කරන්නට සූදානම් විය.

මේ කුඩා දොරෙන් දුම්රිය අංගණයකට ඇතුළු විය හැකිදැයි මා තුළ ඇතිවූයේ බලවත් සැකයකි. කුඩා දොර විවර කළ ඔහු “එන්නයැයි” මා කැඳවමින් ඒ කුඩා කාමරයට ඇතුළු විය. “මේ තමයි දොඩංගොඩ දුම්රිය අංගණය” යැයි පවසමින් කුඩා මේසයක් මත ඉදිකර තිබූ අංග සම්පූර්ණ දුම්රිය භූමි සැලැස්ම මට පෙන්වීය.

මේ නම් සැබවින්ම අපූරු නිර්මාණයකි. 8*20 ප්‍රමාණයේ කුඩා කාමරය තුළ 5*5 ප්‍රමාණයේ ලෑලි තට්ටුවක් මත පෙරකී දුම්රිය භූමි සැලැස්ම ඉදිකර ඇත. හරිත වර්ණ පරිසරයක සිරි මතු කරමින් ඉදිකර ඇති දුම්රිය භූමි සැලැස්මේ දුම්රිය මාර්ග තුනක් වර්ණ සංඥා, දුම්රිය වේදිකාවක්, දුම්රිය ස්ථානයක් නිල නිවසක් වැනි දේ මෙන්ම දුම්රිය සඳහා ජලය සපයන කුළුණු හරස් මාර්ග, සහ බිං ගෙවල් දෙකක්ද දැකගත හැකිය. උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සිට තලවකැ‍ලේ දක්වා අප දකිනා ස්වභාවික පරිසරයට සමාන සොඳුරු දසුනක් මවාපාන මෙම භූමි සැලැස්ම සැබැවින්ම නිර්මාණාත්මකය. එහි එක් පසෙක නතර කර ඇති
ර් 6 වර්ගයේ කැනේඩියානු එන්ජිමක් සහිත දුම්රියට අමුණා ඇත්තේ ඉන්ධන ප්‍රවාහන ටැංකියක් සහිත ගැලකි.

දුම්රිය‍පොළේ ඇතුළත වේදිකාවේ නතර කර ඇත්තේ ඉ-3 වර්ගයේ බලවේග කට්ටලයකි. 1959දී පමණ මෙරටට ගෙන ආ ඉ-3 බලවේග කට්ටල ජර්මනියේ ර්චද ච්ඪඥඵඥත සමාගමේ නිර්මාණයකි. රතට හුරු දුඹුරු වර්ණයෙන් යුත් ඉ-3 බලවේග කට්ටලයන්හි පසුකාලීනව කොළ හා නිල් වර්ණ ආ‍ලේප වූයේ පක්ෂ දේශපාලනයේ ප්‍රතිඵල ලෙසිනි. එහෙත් දොඩංගොඩ අංගණයේ ඇති ඉ-3 බලවේග කට්ටලය තවමත් ඇත්තේ එහි මුල්ම වර්ණයෙන් අලංකාරවය. ඊට ඔබ්බෙන් වූ මං තීරුවේ නතර කර ඇත්තේ නිල් පැහැ එන්ජිමකින් සමන්විත මැදිරි ගණනාවකින් යුත් උඩරට මැණිකේ දුම්රියයි. රුමේනියානු මැදිරි උඩරට මාර්ගයට හඳුන්වාදීමට පෙර භාවිත කළ දේශීයව නිපදවූ මැදිරිවල ආකෘති කිහිපයක් එයට අමුණා ඇත. වර්ණ සංඥා නිසි පරිදි දැල්වීමත් සමග උඩරට මැණිකේ දුම්රිය ගමන් ඇරඹීය. එය බිංගෙයට ඇතුළු වනවාත් සමගම ඉ-3 දුම්රිය ගමන් අරඹන්නට විය. උඩරට මැණිකේ දුම්රිය වේදිකාවට පැමිණ නතර කළ පසු බිංගෙය තුළින් ඉ-3 දුම්රියේ දුබල කහ පැහැ ආලෝකය මතුවන්නට විය. ඇසිපිය නොහෙලා මේ අපූරු දර්ශනය දෙස මා බලා සිටියදී රන්ජන් කන්නන්ගර යළි හඬ අවදිි කළේ මෙසේය.
මේ දුම්රිය මැදිරි සහ එන්ජින් සියල්ල නිර්මාණය කර ඇත්තේ ඩ්.ධ. පරිමාවට අනුවයි. 40 පරිමාවේදී 1080 පරිමාණයට කුඩා කරනවා. මෙවැනි පරිමාණ ගණනාවක් ලෝකයේ තියෙනවා. ආදර්ශ දුම්රිය එන්ජින් සඳහා සුලභව භාවිතා කරනා ඩ්.ධ. පරිමාණයට මේ එන්ජින් සහ මැදිරි නිර්මාණය කර තිබෙන්නේ මේ කුඩා කාමරය තුළ සිටයි.
ඩ්.ධ. පරිමාණයේ මේ කුඩා දුම්රිය ආකෘති සියල්ල රන්ජන්ගේ නිර්මාණයන්ය. මේ සඳහා ඔහු පිටතින් මිලදී ගෙන ඇත්තේ දුම්රිය ආකෘති සඳහා භාවිතා කරනා කුඩා මෝටර් පමණි. ඇතැම් එන්ජින් සහ මැදිරි සඳහා අවැසි “බෝගි” (රෝද කට්ටල) ද පිටතින් ගෙන්වා ගෙන තිබෙන මුත් මැදිරි, ඒවායේ විදුලි බුබුළු විදුලි, බල සම්ප්‍රේෂණ ආදිය සියල්ල ඔහුගේ නිර්මාණයි. ලොව දියුණු තාක්ෂණය සහිතව නිපදවන ආදර්ශ දුම්රියවල පවා විදුලි බුබුළු ක්‍රියාත්මක වනුයේ ධාවනය වන විටදී පමණි. එහෙත් රන්ජන්ගේ නිර්මාණවල නවතා ඇති විට පවා විදුලි බුබුළු ක්‍රියාත්මක වෙයි. මෙයට හේතුව ඔහු පවසන්නේ මෙසේය. “මම නිර්මාණය කරන එන්ජින් සහ මැදිරි සඳහා විදුලිය ලබා දෙන්නේ පීලි මගින්. එනිසා විදුලි බුබුලු අඛණ්ඩව ක්‍රියාත්මකයි. ර් 6 එන්ජිමේ බෝගි (රෝද කට්ටල) ඉතා දියුණු කරන ලද නිසා වංගු සහිත මාර්ගවල භාවිතා කරන්නට ඉතා සුදුසුයි. මේ ආදර්ශ දුම්රිය සඳහාත් ඒ වගේ හොඳම තත්ත්වයේ බෝගි යොදා ගෙන තියෙනවා. මැදිරි සහ එන්ජින් නිර්මාණය ඉවතලන ප්්ලාස්ටික් සහ තහඩු වැනි දේ යොදා ගන්නවා. සියලු දේ මගේ අතින් මේ කාමරය තුළදීම නිර්මාණය කරනවා.” ගිනිකූරක තරම් පළලින් යුත් දුම්රිය මාර්ගයද ඔහු විදේශයකින් ගෙන්වා ගෙන ඇත.

මේ ට්‍රැක් එක හදන එක මට කරන්න අමාරුයි. ඒකට කුඩා ලියවන පට්ටලයක් අවශ්‍යයි. ඒ වගේම ඇතැම් බෝගීවල කොටස් හදාගන්නත් ‍ලේත් එකක් ඕන කරනවා. මේ වර්ගයේ එන්ජින් සඳහා භාවිතා කරන කුඩා මෝටර් අපට දේශීයව නිපදවන්නට බෑ. ඒ හැර දුම්රිය එන්ජින්, මැදිරි සහ අන් සියලුම පසුතල මම තනිවම නිපදවනවා.”
ඔහු නිපදවා ඇත්තේ ඩ්.ධ. පරිමාණයේ දුම්රිය ආකෘති පමණක් නොවේ. 1ට80 වේ ඩ්.ධ. පරිමාණය ඉක්මවා ගිය දුම්රිය ආකෘතිද ඔහු විසින් නිපදවා ඇත. දොඩංගොඩ දුම්රිය අංගණයේ නවතා ඇති එවැනි දුම්රිය ආකෘති දෙකක් දැකගත හැක. ඉන් පළමුවැන්න ර් 6 වර්ගයේ එන්ජිමකි. අඟල් 14ක් පමණ දිගින් අඟල් 5ක් පමණ උසින් යුත් මේ ර් 6 එන්ජිම සැබවින්ම විශිෂ්ට නිර්මාණයකි.'

“ඉන්න මං මේක පණ ගන්වනකං” යැයි පැවැසූ ඔහු ර්6 එන්ජිමට ඇවැසි විදුලිය සපයා දුනි. ඒ සැණින් දුම්රියේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු දීප්තිමත්ව දැල්වුණි. රියැදුරු කුටියේ සහ පාලක පුවරුවේ කොළ පැහැති විදුලි බුබුලු පවා දැල්වුණි. ජර්මනියේ ඊඩරඵඵඥද ඩ්ඥදඵජඩඥත සමාගමේ නිපදවූ ර්6 එන්ජින් 16ක් පමණ ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ. 1979 මෙරටට ගෙන ආ දෙපහරේ එන්ජින් සහිත ඩීසල් ඉලෙක්ට්‍රික් වර්ගයේ ර්6 එන්ජිමක ඇති සියලුම ශබ්ද නැගෙන පරිදි මෙම ආදර්ශ එන්ජිම නිපදවා ඇත. මෙම වර්ගයේ එන්ජින්වල ච්රදචථඪජ ඡපචඬඥ නම් තිරිංග ක්‍රමයක් ඇත. ච්රදචථඪජ ඡපචඬඥ ක්‍රියාත්මක කිරීමේදී ඊපචජබඪධද ථධපබඥප මගින් ජනනය වන විදුලි සැපයුම් පුළුස්සා දමයි. එහිදී එන්ජිමේ හඬ පැහැදිලිවම වෙනස් වන අතර ඒ වෙනසද මෙම ආදර්ශ එන්ජිමෙන් ශ්‍රවණය කළ හැක. ර් 6 එන්ජිම පීලිමත එයට ආවේණික හඬ නගමින් ධාවනය වෙයි. මෙම පීලි ඔහුගේම නිර්මාණයකි. ඔන්න මං ච්රදචථඪජ චනනතර කරනවා යැයි පැවැසූ රන්ජන් දුම්රිය පීල්ලට විදුලිය සපයන පාලක පුවරුව කමෛන් අවරෝධ කරන්නට විය. ර්6 එන්ජිමේ නියම හඬ නංවමින් ආදර්ශ දුම්රිය වේගය අඩුවී නතර වනන්ට විය. ර්6 එන්ජිමේ ඹ්ධදඨ ඩධධඤ ඵඪඤඥ අන්තය මා සිටි දිසාවට මුහුණ ලා නතරව ඇත. “දැන් අපි අනෙක් අතට ධාවනය කරවමු” පැවැසූ රන්ජන් පාලක පුවරුවේ එක යතුරක් ක්‍රියාත්මක කර විදුලි සැපයුම යළි ලබා දෙන්නට විය. කමෛන් බලගැන්වූ එන්ජිමේ හඬ වැඩි වන්නට විය. ර්6 එන්ජිමේ හුරුපුරුදු හඬ නංවමින් එය ඵඩධධබ ඩධධඤ ඵඪඤඥ ප්‍රමුඛව යළි ඉදිරියට ඇදෙන්නට විය. ර්6 එන්ජිමට පසු ධාවනයට සූදානම් වූයේ ර්4 වර්ගයේ ආදර්ශ එන්ජිමයි. කැනඩාවේ ර්ධදබපඥචත තධජධථධබඪමඥ ඹධධඬඵ නිපදවා ඇති හි ර්4 එන්ජින් සිව් පහර එන්ජින් සහිත ඩීසල් ඉලෙක්ට්‍රික් වර්ගයේ ඒවාය. පීලිගත කර විදුලිය සැපයුම්වල ලබා දුන් සැණින් ර්4 එන්ජිමක නියම හඩ නංවමින් ක්‍රියාත්මක වන්නට විය. එන්ජිම කමෛන් ඉදිරියට ඇදෙන්නට විය.

දුම්රිය එන්ජිමක හඬ උපදවන ක්‍රමය පිළිබඳ මා ඔහුගෙන් විමසා සිටියෙමි. “මේකට මම භාවිතා කරන්නේ විද්‍යුත් දෝලක පරිපථයක්. එම පරිපථයේ විද්‍යුත් විච්ජේදක ධාරිත්‍රක වල අගය වෙනස් කිරීමෙන් විවිධ අවස්ථාවලට ඇවැසි හඬ උපදවා ගන්නවා. දෙපහරේ එන්ජිමක් සහිත ර්6 එන්ජිමේ හඬ සහ සිව් පහරේ එන්ජිමක් සහිත ර්4 එන්ජිමේ හඬ සාදා ගන්නේ එහෙමයි. ඊට අමතරව නවතා තිබෙන විට එන්ජිමෙන් නැගෙන හඬ ගමන් අරඹන්න කිට්ටුව එන්ජිමේ බලය වැඩි කරන විට නැගෙන හඬ ච්රදචථඪජ ඡපචඬඥ චනනතර කිරීමේදී නැගෙන හඬ ආදී සියල්ල නිර්මාණය කරන්නේ මෙම දෝලක පරිපථය මගින්. මෙම පරිපථයේ බල සැපයුම වෙනස් කිරීම සහ ප්‍රතිරෝධ අගය වෙනස් කිරීමද සිදුකරනවා. ඊට අමතරව සපයන විදුලියේ වෙනස් වීම මත ක්‍රියා කරන රි‍ලේ පද්ධතියක්ද මෙම එන්ජිමට මා යොදා තිබෙනවා. මේ සියලු පරිපථ සැලසුම් කර එකලස් කරන්නේ මමමයි.

රන්ජන් කන්නන්ගරගේ නිර්මාණශිලී බවට උදාහරණ ඇවැසි නැත. එහෙත් ඩීසල් දුම්රිය එන්ජින් දෙකකින් නැගෙනා හඬ වෙන වෙනම හඳුනාගෙන ඊට ඇවැසි වෙනස්කම් සහිත පරිපථ නිපදවා එකී හඬ කෘත්‍රිමව ජනනය කිරීමට එම නිර්මාණශීලීත්වය පමණක් ප්‍රමාණවත් නැත. එයට දුම්රිය එන්ජිම ඇඟට ජීරණය වී රුධිර ගත විය යුතුය. තමා තුළ ඇති එකී හැකියාවට හේතුව ඔහු පැහැදිලි කළේය.

“වෘත්තියෙන් විදුහල්පතිවරයකු වූ රන්ජන්ගේ පියා සිය දුම්රිය ගමන් බලපත්‍ර යොදාගෙන පවු‍ලේ සාමාජිකයන් විවිධ ප්‍රදේශවල චාරිකා සඳහා රැගෙන යෑම පුරුද්දක් කරගෙන තිබුණි. අනුරාධපුර, මහනුවර ‍පොළොන්නරුව, මඩකලපුව ආදී විවිධ ප්‍රදේශවලට සිය දරු පවුල සමග දුම්රියෙන් යෑම ඔහුගේ විනෝදාංශයක් විය. මේ ගමන්වලින් වැඩියෙන් ආස්වාදය ලැබුවේ කුඩා රන්ජන්ය. දුම්රිය පිළිබඳ ඔහු තුළ බොහෝ ගැටලු විය. දුම්රිය හරවන ආකාරය, තිරිංග ක්‍රියාකාරීත්වය, එන්ජිමේ බලය වැනි දහසක් ගැටලු ඔහුට තිබුණි. මේවාට විසඳුම් සොයා ධාවනය වන දුම්රියේ කවුළුවලින් හිස එළියට දමා එන්ජිම සහ මැදිරි නිරීක්ෂණය කුඩා රන්ජන්ගේ පුරුද්දකි. බොහෝ විට මවගේ ටොක්කකින් කෙළවර වන මෙවැනි අවස්ථා කන්නන්ගර පවු‍ලේ දුම්රිය චාරිකාවල නොවරදින අංගයකි. උපතින් ලද කාර්මික ඥානය සහ දුම්රියට ඇති ලොල් බව නිසා දුම්රියක ගැබ් වූ මහා තාක්ෂණය දැන හඳුනාගැනීම ඔහුට අසීරු නොවීය.
පෞරාණික අගය සහිත දේ ඉහළින් අගයන ඔහු සතු භාණ්ඩ එකතුවේ ඇත්තේ දුම්රිය ආකෘතීන් පමණක් නොවේ. ඉපැරණි ‍ප්‍රොජෙක්ටර් (ප්‍රක්ෂේපණ යන්ත්‍ර) ග්‍රැමෆෝන්, තැටි සහ යන්ත්‍ර ආදී දහසක් දේ ඔහුගේ කුඩා නිර්මාණාගාරය තුළ තිබේ. මෙහි ජනෙල් තිර සඳහා පවා යොදා ගෙන ඇත්තේ දුම්රියවල ඡායාරූ සහිත තිර රෙදිය.

මහරගම ගුරු විද්‍යාලයේ කාර්මික අංශයෙන් සිය හැකියාවන් ඔප් නංවා ගත් රන්ජන් දොඩංගොඩ නවෝද්‍යා පාස‍ලේ නව නිපැයුම් ඒකකය භාරවද කටයුතු කරයි. සිය නිර්මාණ කටයුතු පුද්ගලික විවේකයට පමණක් සීමා කර ඇති ඔහු සිය සිසු දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා කැපවී සේවය කරයි.

නිර්මාණකරුවෙකු ලෙස දස්කම් පාන ඔහු රථ වාහනවල විදුලි දෝෂ හඳුනාගන්නා බහුකාර්ය උපකරණයක් නිපදවා ඇති අතර එකී නිර්මාණය ජාතික තලයේ ඇගයීමට ලක්ව ඇත. ඔහුගේ දෙටු දියණිය අමල්ෂා ප්‍රමුදීද නව නිපැයුම්කාරිනියකි. ඇය නිපදවූ බෝතල් විවෘත කරන උපකරණයද 2012දී රන් සම්මානයෙන් පුද ලැබිය. ගල් අඟුරු යොදා ක්‍රියා කළ ඉපැරණි එන්ජිමක් ඩ්.ධ. පරිමාණයෙන් නිපදවීම ඔහුගේ ඊළඟ අරමුණය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

තාක්ෂණික තොරතුරු:-
නලින් අබේසිංහගේ-ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය කෘතියෙනි.
ලක්බිම 

Train Simulator Srilanka (TSS)
Voice OTrain Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka

lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════



Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com