News
Loading...

දුම්රිය සමග පොරබදන ජීවිතයක් සමග මොහොතක් විනාඩියක් වැයකොට කියවන්න



දුම්රිය සමග පොරබදන ජීවිතයක් සමග මොහොතක් විනාඩියක් වැයකොට කියවන්න.. සිතන්න.. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න.. 

අද අපි යොමුවන්නේ පොල්ගහවෙල නැගෙනහිර සිග්නල් කුලුන වෙතයි.. 

මම එහි පියමනින විට වෙලාව පස්වරු හතරට ලගා වී තිබුණි.. නමුත් ඒ ඔහුගේ දහවල් කෑම වෙලාවයි.. 
මම ඇතුලට එන්නද..?

"එන්න එන්න.." කනගමන්...

ඇයි අන්කල් විතරද ඉන්නේ..?

" සිනාසී.. අටක් ඉන්න ඕනේ ඉන්නේ හතරයි.. අපි ඉතින් දවස් ගානක් ඉන්නවා.."

කාලා ඉන්න අන්කල්.. අපි විස්තර පස්සේ කතා කරමු.. ඔහුට බාධා නොකොට මම ජනෙල් වලින් එබී එලිය බැලුවෙමි.. විනාඩියක්වත් ගියේ නැත.. ඔහු විගස නැගී සිටියේ 

"ෂිට්.. එකක් ඇවිත් ගහ ගාව.. " කියමිනි..

එක අතක ඉදුල්ය.. කන ගමන් නිසා.. එක අතකින් අමාරුවෙන් ලීවර පහතට අදින විට එය අපහසු බව මා හට වැටහිණි.. මමත් උදව් කළේය.. පස්සේ ඒ ගමන්ම මම එහි විස්තර ඔක්කොම පැවසුවේ ඔහු කුඩා ළමයෙකුට මෙනි.. 

"මේ බලන්න.. ඉකමනට.. මේ එන්නේ කෝච්චිය.. රඹුක්කන පැත්තෙන්.. මේ දැන් ගිය එක.. තිස්මල්පොලට යනකල් පේනවා.. මේ පොතුහැර පැත්තෙන් එන එක.. මේ එන්නේ.. මෙන්න යාර්ඩ් එකේ එක.."

මම එය අසනගමන් ඔහුට කන ලෙස බල කළේය.. ගේට්ටුව වැසුන ගමන්මය.. දුම්රියන් එහාට මෙහාට යනවා ඉවරයක් නැත.. 

දුරකථනය නාද විනි.. 

ඔහු කතා කලේ SM මහතා සමග බව වටහා ගැනීමට මට ගත වුයේ සුළු වේලාවකි..

" කෝච්චියක් ස්ටේෂන් එකට ගද්දි මට තනියම වැඩ කරන්න බෑ.. අපි හතර දෙනෙක් එකතු වෙන්න ඕනේ.. එහා පැත්තේ කුලුනයි.. SM මහත්මයි.. මමයි.. ගේට් එකයි.. ගේට් එකෙන් වැඩි වැඩක් වෙන්නේ නෑ.."

මට විස්තර රැසක් පැවසුවේ ඉතා ඉකමනිනි.. වැඩ කරන ගමන්.. මම ඔහුට බාධා කලෙත් නැත..

"පුතාට මොනවද ඉගෙන ගන්න ඕනේ.. අහන්නකො.. ඒමේ එන්න.. මෙන්න කෝච්චියක් එනවා.. බලාගෙන ඉන්නකෝ.."

කෝච්චිය වේදිකාවට ගත්ත විදිය හිතන්න වෙනම කලපනා කරන්න වෙනවා.. මොකද එයාලා වයසට ගියත් ඒකටම යොමු වෙලා ඒවගේ ප්‍රවීණයෝ වෙලා.. 

පය කීයකට සරයක්ද ඔයාලා මාරු වෙන්නේ..

"ඒක නිකන් හීනයක් වගේ.. මාරුවෙන්න කෙනෙක් නෑ තාම.. මම තව අවුරුද්දක් විතර ඉන්නේ.."

හ්ම්ම්.. ඒ මිනිස්සුන්ගේ ජීවිත ඒවාටම නාකි වෙලා..

"මේ අත පැනලා මේක අදිද්දී අමාරුයි.. එදා වේදිකාවෙන් එද්දී ලිස්සුවා ඇත තිබ්බේ.. අවසාන කාලෙනේ.. "

ඔහු එසේ පැවසුවේ සිනාසෙමිනි..

යකඩ ගොඩක් සමග ජීවිත කාලෙම ඔට්ටුවෙලා ඔවුන් ගතකරන ඒ ජීවිත වල සතුට කුමක්ද..? ඒ කැප වෙන්නේ කවුරු වෙනුවෙන්ද..? ඒ නිසා කෝච්චිය පරක්කු වෙනකොට එයාලට බනින්න එපා.. එවසන්න.. මොකද ඒ වැඩේ කරනවා කියන්නේ අත් 4ක් තිබිලත් මදි.. කියන්න දේ අනන්තයි.. ඔක්කොම මේකේ ලියන්න අමාරුයි.. 

වැරද්දක් තිබ්බොත් අපි මේ වගේම කියනවා.. මොකද අපි දෙපැත්තම හිතන නිසා.. දෙපැත්තටම සාදාරණයක් ඉටු කල යුතු නිසා.. ඔහුගේ ක්‍රියාව ඔබත් අගය කරනවාද..? එසේනම් ෂෙයාර් කර ඔවුන් අගය කරන්න

ඔබෙගේ අදහස් පල කිරීමට කාරුණික වන්න.. 

Train Simulator Srilanka (TSS)
Voice OTrain Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka

lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════

Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com